ඉන්ධන සංශෝධනයක් ළඟදීම – පිරවුම්හල් 101ක අවම තොග නෑ

ඉන්ධන සංශෝධනයක් ළඟදීම – පිරවුම්හල් 101ක අවම තොග නෑ

ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වීමට ඉඩ පවතින නිසා පිරවුම්හල් රැසක් අවම තොග පවත්වාගෙන යාම සිදු කර නොමැති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ පිරවුම්හල් 101ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අවම තොග පවත්වාගෙන නොමැති බවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දැනුවත් කර ඇති බවයි.

එසේම පිරවුම්හල් 61ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන නොමැති බවයි, අදාළ ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

මේ අතර, පසුගිය මාසයේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල් කිහිපයක කළමනාකාරිත්වය පවරා ගත් අතර තවත් බොහෝ අලෙවිකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කළ බව ද අමාත්‍යවරයා පවසනවා.