SPC හිටපු සභාපති වෛද්‍ය සයුරට ඇමති සොහොයුරෙකුගෙන් ප්‍රහාරයක්!

SPC හිටපු සභාපති වෛද්‍ය සයුරට ඇමති සොහොයුරෙකුගෙන් ප්‍රහාරයක්!

කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්කර තිබේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර පදිංචිව සිටින හෝකන්දර “ඊඩින් ගර්ල්ඩ්” නිවාස සංකීර්ණයේ සිය නිවස ඉදිරිපිට බාධාකාරී වන ලෙස වාහනයක් නතර කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගෙන පහරදීම සිදුව ඇති බවද දැනගන්නට ඇත.

මෙම පහරදීම, ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සොහොයුරා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටයි, චෝදනා එල්ල වී ඇත්තේ.

එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් දක්වා ඇත්තේ, අමාත්‍යවරයාට සහෝදරයන් දෙදෙනෙකු සිටින බවත් මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ජපානයේ ද අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටින බවයි.