බිලියනක වන්දියක් ඉල්ලා ජලනි ප්‍රේමදාසගෙන් චමුදිතට එන්තරවාසියක්
යූ ටියුබ් වැඩසටහනක් හරහා තමා අපකීර්තියට ලක් කළා යැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය ජලනි ප්‍රේමදාස විසින් චමුදිත සමරවික්‍රමගෙන් රුපියල් බිලියනයක් ඉල්ලමින් එන්තරවාසියක් යොමු කර ඇත.
කීර්ති රත්නායක සමඟ ‘ටෘත් විත් චමුදිත’ නැමැති යූටියුබ් නාලිකාවේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් වැරදි / අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඇය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් නීතිඥ ‘දිමුතු කුරුප්පුආරච්චි ’ සිය සේවාදායිකාව වෙනුවෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.
යූ ටියුබ් නාලිකාවේ ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ඇතුළත් වැරදි, අපහාසත්මක ප්‍රකාශ විකාශනය කිරීම නවතා ඇගෙන් පොදු සමාවක් ලබා ගත යුතු යැයි එහි සඳහන් ය.
එලෙසම ඊට අසමත් වන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කොට ඊට අදාළ රිසිට් පත ලියාපදිංචි තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් හරහා යොමු කරන ලසෙ ද නීතිඥවරයා සිය එන්තරවාසියෙන් දැනුවත් කර තිබේ.
සිවිල් හා අපරාධ යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සේවාදායිකාව දැනුම් දී ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.