බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට

බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට

උදළු තලයෙන් පහරදී තම මිතුරා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එම චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.‍

2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් කවුඩුල්ලේදී පී.ජී. රන්බංඩා යන අයට උදළු පහර එල්ල කර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.

මෙසේ මරණ දඬුවම නියම වූයේ, පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නැමැත්තෙකුටය.

විත්තිකාර ගාමිණි රණවීර නැමැත්තා මරණකරුගේ බිරිද සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවයක් මෙම ඝාතනයට පාදක වී ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.