
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් බලන්න ගියාට ශ්‍රී ධරන්ට උතුරේ ධීවරයින්ගේ විරෝධය
යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් හමු වීමට ගිය ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට උතුරේ ධීවරයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
උතුරේ ධීවර සංගම් ප්‍රකාශ කර ඇත්තේ, උතුරේ ධීවරයින්ගේ හතුරන් වන ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රධාන දෙමළ පක්ෂයේ නායකයා ඔවුන්ව බැලීමට බන්ධනාගාරයට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ කටයුතු වල නිරත වන විට ඒ පිළිබදව දකුණු ඉන්දියාවේ දේශපාලනඥයින් නිහඩව සිටියදී උතුරේ දෙමළ දේශපාලනඥයෙකු අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හමු වීමට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම විහිළුවකට කරුණක් බව උතුරේ ධීවර සංගම් පෙන්වා දී තිබේ.
උතුරේ ධීවර සංගම් රැස්වී මන්ත්‍රීවරයා කළ ක්‍රියාව හෙලා දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මන්ත්‍රීවරයා වෙත දක්වා තිබේ.
එළඹෙන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා උතුරේ දෙමළ දේශපාලනඥයින් සාකච්ඡා කොට ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට විදීමට සිදුව ඇති ගැටලු වලට විසඳුමක් ලබා ගැනීමට මේ අවස්ථාවේදී කටයුතු කරනවා මිස අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හමුවීමට යාම වීර කමක් නොවන බවද උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට පෙන්වා දී තිබේ.