
ඊ සිගරට් භාවිත කරන්නන් අත්අඩංගුවට?
වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව, එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගියදා මුදල් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.