ලෝක ප්‍රකට අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

ලෝක ප්‍රකට අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

උදෑසන 08.24ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා

ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ”ග්‍රැමී” සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර ද ඉහළින්ම සිටින්නෙක්.

ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරිමට මෙලෙස ලංකාවට පැමිණ තිබුණා.

ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.