චමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට

චමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට

පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවයි.

සියලු දෙනාගේම ඉල්ලීමට අනුව තමන් මෙම මැතිවරණය සඳහා තරග කරන බවත්, දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් ඉදිරිපත් විය හැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා