උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10) උදෑසන සිට යළි යථාතත්වයට පත්කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊයේ (09) පස්වරුවේ දුම්රිය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

ඊයේ රාත්‍රීයේ කොලඔ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොලඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද (10) දින උදෑසන වන තෙක් නතර කර තැබිමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම පීලිපැන අඩි 270 ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය මාර්ගය අසල වූ කන්දක ගැටී නතර වී ඇත.

පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හාන් සිදු වී තිබු බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය නිළධාරින් වැඩි දුරටත් කියා සිටියේ.