
අපිරිසිදු පොල්තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අරණගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලිම සිදුකර තිබේ.
ඒ අනුව කොළඹ සිට පොලොන්නරුව දක්වා ලොරියක ප්‍රවාහනය කරමින් තිබු භාවිතයට නුසුදුසු පොල්තෙල් සමග පැමිණි ලොරිය මින්නේරිය ප්‍රදේශයේදි පරීක්ෂා කිරීමේදි අපිරිසිදු පොල්තෙල් තිබු බැරල් 35 ක් සහ නාඩු සහල් කුඩු තොගයක් සොයාගෙන තිබේ.
ලොරි රථය , පොල්තෙල් සහ සැකකරුවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. එම පොල්තෙල් පොලොන්නරුව ප්‍රදේශයේ වි කුඩු වලින් සත්ව තෙල් නිෂ්පාදනය කරන ආයතනයකට ගෙනයන බව ඔවුන් පවසා තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානය පරීක්ෂා කිරිමේදි තවත් අපිරිසිදු පොල්තෙල් බැරල් 35 ක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.