
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 10 වන සඳුදා
රාහු කාලය
7:48 am – 9:19 am
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
වයඹ

මේෂ ක්‍රියාකාරකම් බහුල දිනකි. තරමක් අවිවේකී වෙයි. දුර ගමන් ද යෙදෙන අතර උත්සව, සාද වැනි දේවලට හේතුයි. තරමක් බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග ද මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 03
ශුභ වර්ණය: තද රෝස

වෘෂභ රාජකාරි ස්ථානවල තරමක් පැටලිලි ස්වරූපයක් ඇති කරයි. ඉවසීමෙන් ක්‍රියා කළයුතු තමන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. අමතර ලාභ ලැබීම් ද ගෙන දෙයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්

මිථුන තරමක් අවිවේකී තත්ත්ව මත රැකියා කාරකම් තම ව්‍යාපාර ආදියෙහි යෙදේ. මනසට පීඩා දායක ක්‍රියා ද යෙදෙන අතර තරමක් වැයපස ද ඉහළ යයි. භූමි ලාභ සම්පත් ගෙන දෙන දිනකි. මුත්‍රා ආසාදන, අපස්මාර රෝග මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 06
ශුභ වර්ණය: ළා නිල්

කටක රාජකාරි බහුල වීමෙන් අවිවේකී වෙයි. තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. අතපසුවීම්වලට හේතු බැවින් ප්‍රවේශමෙන් නව නිර්මානකරණයට හේතුයි. හදිසි ධන ලාභ දෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්

සිංහ බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියා කරන දිනකි. ආගමික වතාවත් ගරු කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. වැය ඉහළයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග මතු වේ.
Date: 2025-03-10
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්

කන්‍යා ගමන් බිමන් බහුලයි. තම අරමුණු ජයගනී. උත්සව, සැණකෙළි වැනි දේවල යෙදේ. නව මිතුදම් ඇති වෙයි. තම වටිනාකම ද ප්‍රදර්ශනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. වැයපස ඉහළයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්

තුලා ක්‍රියාශීලී දිනකි. තම රාජකාරිවලට අමතර ක්‍රියාකරකම්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයයි. මුලාර්ශස් රෝග මතුවේ.
Date: 2025-03-10
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු

වෘශ්චික ප්‍රීති උත්සව සාද යෙදේ. විනෝද ක්‍රියාවන්හි යෙදෙන වැයපස ඉහළ යන දිනකි. තම නිවස උත්සව ශ්‍රියාවක් ද ගෙනදෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. වැයපස ඉහළ යයි. මුත්‍රා රෝග, අපස්මාර රෝග වැනි දේට හේතුයි.
Date: 2025-03-10
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු

ධනු ශුභවාදි ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.
Date: 2025-03-10
ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස

මකර ශුභා ශුභ ඵල දෙයි. තරමක් අලසව ක්‍රියා කරයි. තමන් ගැන කලකිරීම් මතු වෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදවු උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැන නැඟේ.
Date: 2025-03-10
ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්

කුම්භ ශුභ ඵල මතුකරයි. නව නිර්මාණ කරණයට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළ යයි. රැකීරක්‍ෂාවලදී සතුරු බලපෑම්වලට හේතුයි. දුරස්ථ ඥාතීන් සමීපවෙයි. සෙම් බහුල රෝග සාදයි.
Date: 2025-03-10
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්

මීන ශුභ ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහළ යයි. ආර්ථික වාසිද මතුකරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතුකරයි.
Date: 2025-03-10
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි