
මෝදී අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක?
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේ මුල් සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවන බවය.
එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණි.