කෑමට දුන් උළුඳු වඩයේ හැට්ට කට්ටක්

කෑමට දුන් උළුඳු වඩයේ හැට්ට කට්ටක්

වවුනියාව පරණ බස් නැවතුම්පොළෙහි පිහිටි ආපන ශාලාවකින් පාරිභෝගිකයෙකු ඊයේ (03) මිලට ගත් උළුඳු වඩයක් තුළ තිබී හැට්ට කටුවක් හමු වී තිබෙනවා.

පාරිභෝගිකයා උළුඳු වඩේ මිලට ගෙන නිවසට රැගෙන ගොස් නිවසේ උදවිය සමග ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එක් උළුඳු වඩයක් තුළ තිබී හැට්ට කටුව හමු වී තිබේ.

මේ පිළිබදව ආපන ශාලාවේ හිමිකරු හමු වී ඔහුට බැණ වැදීමෙන් පසුව පරිභෝගිකයාගෙන් සමාව ඉල්ලා ඇති ආපන ශාලා හිමිකරු ඔහුට උළුඳු වඩේ වෙනුවෙන් අයකර ගත් මුදල ආපසු ලබා දී තිබෙනවා.

වවුනියාවේ ආපන ශාලාවල අලෙවි කරනු ලබන අහාර ද්‍රව්‍ය වලින් විවිධ අනතුරුදායක දේ හා අපද්‍රව්‍යද, සතුන්ගේ මල කොටස්ද හමුවීම මෑතක සිට වැඩි වී ඇති බවයි පැවසෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ද පැමිණිලි කර තිබෙනවා.

වවුනියාව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ අදාළ ආපන ශාලාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.