
කෝටි 09ක කේරල ගංජා සමග තිදෙනෙක් අල්ලයි
යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් සතුව තිබූ බෝට්ටුවද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර මන්නාරම, මරිච්චකට්ට ප්‍රදේශයේදී මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සහ වයඹ නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකබද්දව ඊයේ (02) සිදුකරන ලද සෝදිසියකදී නිවසක් තුල සඟවා රුපියල් මිලියන 12 කට අධික වටිනා කේරල ගංජ කිලෝ 31 ක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව නිවසේ හිමිකරු සමගින් කේරල ගංජා ප්‍රවහනයට යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මකයි.