හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

කුලියාපිටිය, හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී නව හැවිදිරි දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මඟුලාගම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය දැරිය සිය මිත්තණිය සමග නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු නව හැවිදිරි දැරිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි.

මිත්තනියගේ කකුලකට වෙදි වැදි ඇති අතර ඇය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රථිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.