
හිටපු ජනපතිවරු රට සවාරි වලට වියදම් කළ ගාන හරිනි හෙළි කරයි
පසුගිය වසර 15 තුළ මෙරට හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා කළ වියදම් අග්රාමාත්ය හරිනි අමරසූරිය විසින් අද ( 27) පාර්ලිමේන්තුවේ දී හෙළි කළාය.
එක් එක් ජනාධිපතිවරුන් ඔවුන්ගේ අදාළ ධුර කාලය තුළ දැරූ වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් එහිදී ඇය ලබා දුන්නාය.
එම මුදල පහළින්,
2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්රමසිංහ – මිලියන 533
2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8
2010 සිට 2025 දක්වා කාලය තුළ වැඩිම වියදම දරා ඇත්තේ, 2013 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් බවයි, අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.
එය රුපියල් මිලියන 1144ක්.ඒ කියන්නේ ඒක එක අවුරුද්දකට වියදම් කරලා තියෙන මුදල් ප්රමාණය වෙනවා.