ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය අද දිවයිනට

ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය අද දිවයිනට

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය රැගත් නෞකාව අද (27) මෙරටට ළඟා වීමට නියමිතයි.

හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300ක් පමණ පවතින බවයි, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ.

එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීම විශේෂත්වයකි.

ඒ අනුව, එම වාහන ඇණවුම් කළ පුද්ගලයින්ට ඒවා කඩිනමින් ලබාදෙන බව ද ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කළේය.