පැය පහක ප්‍රකාශයක් දී නාමල් CIDයෙන් පිටව යයි

පැය පහක ප්‍රකාශයක් දී නාමල් CIDයෙන් පිටව යයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල වුණි.

ඒ එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහාය.