
ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇති බවට වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.