මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියක් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු ඇති අතර වෙඩි ප්‍රහාරය වයස අවුරුදු 37 හැවිරිදි අයකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරු ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.