
මේ අය ගැන තොරතුරක් වෙතොත් පොලිසියට දැනුම් දෙන්න
ගාල්ල, දඩල්ල කනත්ත හංදියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඔහුගේ බිරිඳට තුවාල සිදු කිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, ඔවුන් පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් ඇති බවයි.
පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවන් වන්නේ, අංක 541, කුඩා ගම්මානය 19, නව නගර, වීරවිල පදිංචිකරුවෙකු වන එදිරිවීර විජේසුන්දර පටබැඳිගේ නීල් සුරංග, අංක 14,03 වන අදියර, නායගොඩ – රත්ගම විසූ කොත්ති උපේන්ද්‍ර පුෂ්ප කුමාර සහ මැටිවල හසුන් ප්‍රභාත් පද්මකුමාර නමැති රත්ගම – රණපනාදෙණියේ පදිංචිකරුවන් වේ.
ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591452 (ගාල්ල කොට්ඨාසය – ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී) හෝ 091-2233217 යන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – ගාල්ල වෙත හෝ දන්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.
එම සැකකරුවන්ගේ තොරතුරු සහ ඡායාරූප පහතින් දැක්වෙයි.
