උස්වැටකෙයියාවේ ඝාතන සිද්ධියට 07ක් අත්අඩංගුවට

උස්වැටකෙයියාවේ ඝාතන සිද්ධියට 07ක් අත්අඩංගුවට

උස්වැටකෙයියාව මෝගන්වත්ත වෙරළ තීරයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් අතර අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සිටින බව වාර්තා වෙයි.

පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

මෙසේ ඝාතනයට ලක්වූයේ, මීට මාස කිහිපයකට පෙර ඩුබායි සිට පැමිණි පහළ කරගමුන ප්‍රදේශයේ පදිංචි අයන් ශාන්ත බෝපේආරච්චි නමැති 35 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බවටයි, පොලිසිය හඳුනා ගත්තේ.

එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි තබන අයුරු සහ වෙඩික්කරු පළායන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබූණි.