කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – වෙඩික්කරුවන් අත්අඩංගුවට

කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – වෙඩික්කරුවන් අත්අඩංගුවට

කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ශෂී කුමාර් නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පලායමින් සිටියදී වෙඩික්කරු සහ පැදිකරු දෙදෙනාම ගිනි අවිය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි , ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමර මහත්වරුන් ඒකාබද්ධව විමර්ශන පවත්වයි.