“ගණේමුල්ල සංජීවගේ දේහය භාර ගන්න කවුරුත් නැහැ”

“ගණේමුල්ල සංජීවගේ දේහය භාර ගන්න කවුරුත් නැහැ”

අලුත් කඩේ අංක 05 අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අයෙක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පදිංචි ගණේමුල්ල සංජීවගේ සහෝදරිය ඉදිරිපත් වුවද ඇයගේ වාසගමේ පවතින වෙනස්වීමක් හේතුවෙන් ඇයට මෘත දේහය භාර නොදුන් බව පොලිසිය කියයි.

ගණේමුල්ල සංජීවගේ බිරිඳ සිටියද ඇය මෙතෙක් ඉදිරිපත් නොවූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

ගණේමුල්ල සංජීව මියගොස් ද මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇති අතර ඔහුගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.