අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කරයි

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කරයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 මැදිරිය තුළ ඊයේ (19) දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මෙම විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

එහිදී අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු සියලු‍ම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ, අභියාචනාධිකරණයට ඇතුළුවන සියලු‍ම නීතිඥවරුන් සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර ඇති විශේෂ ස්කෑන් යන්ත්‍රය හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සහය ලබාදෙන ලෙසත්ය.