
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2003 ක් බඳවා ගන්න අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11 ක් යටතේ පවතින ආයතන වල සහ පළාත් සභා 5 ක පවතින පුරප්පාඩු 4,987 ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.