කැළුම් ශ්‍රීමාල්ට – ඊතලය යු ටියුබ් නාලිකාවට වාරණයක්

කැළුම් ශ්‍රීමාල්ට – ඊතලය යු ටියුබ් නාලිකාවට වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේන සිංහ මහතාට අපහාසයක් වන අන්දමේ අසත්‍ය,ද්වේෂ සහගත කරුණු සහිත වීඩියෝ හා ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් ඊතලය යු ටියුබ් නාලිකාවට හා මාධ්‍යවේදී කැළුම් ශ්‍රීමාල් යන අයට කොන්දේසි සහිත වාරණ අඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (11) නිකුත් කළාය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කළ වාහන හා ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ ඇතුළු තවත් අපරාධ වලට සම්බන්ධ දේවල් මන්ත්‍රීවරයාගේ නිවසේ තිබෙන බවට අසත්‍ය ප්‍රචාර කිරීමට එරෙහිව සුජීව සේනසිංහ මහතා විසින් ඔන්ලයින් පනත යටතේ ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කර තිබේ.

සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් වග උත්තරකරුගේ නාලිකාවේ දැනට ප්‍රචාරණය වන වීඩියෝ තවදුරටත් ප්‍රචාරය කිරීම අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දැනට ස්විස්ටර්ලන්තයේ ජීවත්වනවා යැයි කියන වගඋත්තරකාර ශ්‍රී ලාල් ප්‍රියන්තට ලබන 25 වැනි දින අධිකරණය පෙනීී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි ද නිකුත් කර තිබේ.