කෝටි හතරහමාරක වාලම්පුරි සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි හතරහමාරක වාලම්පුරි සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

නිලාවේලි ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකල වැටලීමකදී රුපියල් කෝටි 4.5ක මුදලකට විකිනීමට සූදානම් කර තිබූ වාලම්පුරි 4ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ගේ මගපෙන්වීම යටතේ අනුරාධපුර හා ත්‍රිකුණාමලේ සහකාර අධ්‍යක්ෂතුමන්ගේ උපදෙස් පරිදී වනජීවී අඩවි ආරක්ෂක තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් හොරොව්පතාන ජාතික උද්‍යානයේ නිලධාරීන් හා කුච්චවේලි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (11) ත්‍රිකුණාමලේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.