ඩුබායිහිදී ඇල්ලූ අපරාධකරුවන් 3ක් දිවයිනට රැගෙන එයි – Video
මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු අද (07) දිවයිනට රැගෙන පැමිණ තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් තිදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන ආ බවයි.
ඒ අනුව, ඩුබායි හි සැගව සිට අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා, ප්‍රදීප් සදරුවන් සහ නාඩ කන්දගේ උපාලි යන සැකකරුවන් මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද දැනුම්දීම මත ජාත්‍යන්තර පොලීසිය මගින් එම සැකකරුවන් සඳහා රතු නිවේදන ද නිකුත් කර තිබුණා.
අදාළ සැකකරුවන් තිදෙනා අද දින උදෑසන UL-226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ නියමිතයි.