පෞද්ගලික බැංකු ප්‍රධානියෙකුගේ නිවෙසින් ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

පෞද්ගලික බැංකු ප්‍රධානියෙකුගේ නිවෙසින් ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම නිවස තුළ තිබී mauser 6.35 මාදිලියේ කුඩා පිස්තෝල අවි එකක් සහ එම පතරොම් ගැබක් , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 400 ක් 7.62 ජීව උණ්ඩ 278 ක් 0.22 වර්ගයේ ජීව උණ්ඩ 100 ක් 303 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් බෝර දොළහ වර්ගයේ පතුරම් 350 ක් බෝර දාසය වර්ගයේපතුරම් 25 ක් මෙන්ම විදේශ රටක නිෂ්පාදිත berenta ,santa , hatson escort ,glaock 19 gen semi auto pietal වර්ගයන්ට අයත් ගිනි අවි 4 ක් සහ මැගසින් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් එම ගිනි අවි සඳහා ලබා ගන්නා ලදැයි බව කියන බලපත්‍ර හතරක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එම බලපත්‍ර නීත්‍යානුකූලව ලබාගන්නා ලද බලපත්‍ර ද යන්න විමර්ශන කරන බවපොලිසිය පවසයි

49 හැවිරිදි සැකකරු ක්‍රීඩා සමාජයක සාමාජිකයකු බව සඳහන් හැඳුනුම් පතක් ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි පැවසේ