![සපුගස්කන්දට අලුත් තෙල් පිරිපහදුවක් – කැබිනට් අනුමැතියත් ඉල්ලලා සපුගස්කන්දට අලුත් තෙල් පිරිපහදුවක් – කැබිනට් අනුමැතියත් ඉල්ලලා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/02/sapugaskanda.jpg?quality=100&f=auto)
සපුගස්කන්දට අලුත් තෙල් පිරිපහදුවක් – කැබිනට් අනුමැතියත් ඉල්ලලා
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවයි, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ.
ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000 ක් පිරිපහදු කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල් 40000 ක් පිරිපහදු කිරීමට හැකි බවයි, අමාත්‍යවරයා පැවසුවේ.
නව පිරිපහදුව ඉදි කිරීම සඳහා මේ වනවිට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.