![පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමේ තීරණය අවලංගු කරයි පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමේ තීරණය අවලංගු කරයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/02/hospital.jpg?quality=100&f=auto)
පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමේ තීරණය අවලංගු කරයි
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බවයි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ.
මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමට පසුගිය රජය සමයේ තීරණය කෙරිණ.