“GovPay” නව ඩිජිටල් ප්රවේශයන් 3ක් හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම නව ක්‍රමය හදුන්වා දීමට නියමිත අතර එමගින් රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදුකළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහනේ ප්‍රධානී උදය එච් කස්තුරිරත්න මහතා පැවසීය.
එම ආයතන මෙසේය.
ආයූර්වේද දෙපාර්තමේන්තුව
තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තුව
ගම්පහ නගර සභාව
යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව
රඹුක්කන ප්‍රාදේශීය සභාව
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පරමාණුක බලශක්ති අධිකාරිය
වරාය අධිකාරිය
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මොරටුව විශ්වවිද්‍යාලය
වෘත්තීය පුහුණු අධිකාරිය
ඒ අනුව, තමන්ගේ ජංගම දුරකතනයෙන් මෙම ආයතන සඳහා ගෙවීම් පහසුවෙන් සිදු කර ගත හැකි වනු ඇති.
මේ අතර, උදය එච් කස්තුරිරත්න මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් මස 30 වැනි දින වන විට තවත් අංශ 30කට ‘GovPay’ ඔස්සේ ගෙවීම් සිදුකිරීමේ පහසුකම සැපයීමට රජය බලාපොරොත්තු වන බවයි.
ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය පවසන පරිදි GovPay වැඩසටහන මේ වන විට ප්රමුඛ පෙළේ වාණිජ බැංකු 9ක් සමග ඒකාබද්ධ වී සිටී.
හැටන් නැෂනල් බැංකුව
පෑන් ඒෂියා බැංකුව
සම්පත් බැංකුව
සෙලාන් බැංකුව
DFCC බැංකුව
කොමර්ෂල් බැංකුව
ලංකා බැංකුව
මහජන බැංකුව
NDB බැංකුව