ඩයනා ගමගේට වරෙන්තු

ඩයනා ගමගේට වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද (06) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන – විගමන සිද්ධීන් 07ක් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට අදාළව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මෙම වරෙන්තුව නිකුත් කළේය.

ඒ අනුව, එම නඩුව යළි අප්‍රේල් මස 27 වැනි දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.