![සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට රජයේ ගබඩා විවෘතයි සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට රජයේ ගබඩා විවෘතයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/08/vee.jpg?quality=100&f=auto)
සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට රජයේ ගබඩා විවෘතයි
රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා අද (06) සිට ගබඩා විවෘතව තබන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
ඒ අනුව, මේ වනවිට ගොයම් කැපෙන ප්රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්රදේශවල තොග ගබඩා විවෘත කරන බවයි, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ.
එහිදී ඊයේ (05) ප්රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම සිදු වනු ඇති.
ඒ අනුව, නාඩු වී කිලෝ ග්රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත් ,කීරි සම්බා රුපියල් 132කටත් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.