ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි ගැන නලින්ද කියයි

ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි ගැන නලින්ද කියයි

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදුන්නත් මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යාමට රජයෙන් වාහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මන්ත්‍රී ධුරයේ කාලය අවසන් වූ පසු එම වාහනය නැවත රජයට බාරදිය යුතුව තිබෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

විදෙස් සංචිත වලට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරී අයුරින් වාහන ආනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.