රජය වී මිලට ගන්නා මිල ගණන් මෙන්න
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත සඳහන් කළේය.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (05) පැවති මාධ්‍ය හමුවේදීයි.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා කැඳවා තිබූ එම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.
ඒ අනුව, වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහතින්.
නාඩු 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 120.00
සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 125.00
කීරි සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 132.00