වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
ග්රෑන්ඩ්පාස් සහ කොටහේන ප්රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (04) මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉහළ බෝමිරිය, කඩුවෙල ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන ගොත අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම වැඩි තැබීම් සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්, වෙඩි තැබීම සඳහා යොදාගත් සොරාගත් නවීන පන්නයේ යතුරු පැදියක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු 2022.11.19 වන දින ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.01.18 වන දින කොටහේන පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්රියාකළ සැකකරු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරු 2010 වර්ෂයේදී යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.