ජල ගාස්තුවටත් ලොකු සහනයක්
ඉදිරියේ දී සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙන බවයි, එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.
ඒ අනුව, ජල බිල අඩුකිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතයි.
අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.