දිමුත් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි!

දිමුත් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි!

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව සමග එළැඹෙන 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන තරගයෙන් පසු ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි, වාර්තා වන්නේ.

එම තරගය දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වේ.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, තරග 99 කදී ටෙස්ට් ශතක 15 ක් සහ අර්ධ ශතක 34 ක් ලබාගෙන තිබේ.

එහිදී ඔහු 7,172ක් රැස්කර තිබේ.