ග්‍රැමී සම්මාන උළෙලේදී නිරුවත් වූ කන්යේ වෙස්ට්ගේ බිරිඳ බියන්කා
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු විය.
ඒ, බියංකා සිරුර හොඳින් විනිවිද පෙනෙන දුහුල් ඇඳුමකින් පෙනී සිටීම නිසාය.
සම්මාන උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී කන්යේගේ බිරිඳ බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය කළාය.
මෙය මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට පවා සමත් වී ඇත.
47 හැවිරිදි කන්යේ සහ 30 හැවිරිදි බියංකාට මෙවර ග්‍රැමී සංගීත සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඇරැයුම් කර තිබුණේ නැත.
එහෙයින්, ඡායාරූපවලට පමණක් පෙනී සිටීමෙන් පසු යුවළ එතැනින් පිටව ගිය බව ද පැවසෙයි.