දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඒ මහතා 85 වන වියේ පසුවුණි.

1940 වර්ෂයේදී උපන් ඔහු මෙරට සහ කලාපයේ ආයතනික තනතුරු රාශියක් දරා තිබේ.

ඒ අතර, දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙසත්, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සංස්ථාවේ දකුණු ආසියානු කලාපීය අරමුදලේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.