රට පුරා සියලුම සුරාසැල් වැසෙයි – යළි විවෘත කරන දිනය මෙන්න

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි – යළි විවෘත කරන දිනය මෙන්න

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා සඳහන් කළේ.

එම කාලය තුළ අදාළ නීතිය කඩකරන මත්පැන් හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

කෙසේවෙතත් අනිද්දා (05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති.