රේනෝ සිල්වා ස්වර්ණවාහිනිය මිලදී ගැනීමේ සූදානමක?
අලිරාජා සුබාෂ්කරන්ට අයත් ස්වර්ණවාහිනී නාලිකාව යළිත් වරක් විකුණා දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca Productions ආයතනය ආරම්භ කරනු ලැබූවා.
ශ්‍රී ලංකාවේ Lyca සමාගම සතුව ස්වර්ණවාහිනී ඇතුළු EBC මාධ්‍ය ජාලය සහ SKY Media Network යන සමාගම් පවතිනවා.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණයේදී සුබාෂ්කරන් සහය දැක්වූ එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයට බලාපොරොත්තු වූ ජයග්‍රහණයක් හිමි නොවීමත් සමඟ ඔහුට අයත් මාධ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුට අයත් ද්‍රවිඩ පුවත්පතක් වන ‘ඔරුවන්’ පුවත්පත පසුගිය සතියේ සිට සිය මුද්‍රණ කටයුතු නවතා දමා තිබෙනවා.
ස්වර්ණවාහිනී ආයතනයද බලාපොරොත්තු වූ ප්‍රමාණයට ආදායම් උපදවන ස්ථානයක් නොවූ බැවින් එම නාලිකාවද විකුණා දැමීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
එම නාලිකාව මිලදී ගැනීමට මේ වන විට හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වා මහතා සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.
සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව පරිහානියට පත් වූ EAP සමාගමට ස්වර්ණවාහිනී නාලිකාව විකුණා දැමීමට සිදුවූවා.
එහිදී අලිරාජා සුබාෂ්කරන් EAP නෙට්වර්ක්ස් ආයතනයට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා මිලදී ගත් අතර එම අවස්ථාවේදීද එම නාලිකා මිලදී ගැනීමට රේනෝ සිල්වා මහතා දැවැන්ත උත්සහයක් ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.