හල්තොට ඇළකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

හල්තොට ඇළකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක මසුන් ඇල්ලීම සඳහා ගිය පිරිසකට මියගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් හමුවී තිබේ.

එම පිරිස මාළු ඇල්ලීම සඳහා භාවිත කළ දැල ගොඩට ගැනීමේදී ඇළ ඉවුරේ උණ පඳුරක් ආසන්නයේ තිබූ අස්ථි කොටස් සහිත කමිසයක් දැලේ පැටලී තිබේ.

පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුවීමත් සමග ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව හොරණ මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණ පවත්වා ඇති අතර අස්ථි කොටස් හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග කර තිබේ.