ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා මියයන විට 75වන වියේ පසුවිය.

අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

වික්ටර් අයිවන් මහතා සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකළ මාධ්‍යවේදියෙකු වනවා.

රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා ද වන්නේ වික්ටර් අයිවන් මහතායි.

දේශපාලන ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒ මහතා කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා.

ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් අතර 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය විය.