![හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/gotabhaya.jpg?quality=100&f=auto)
හිටපු ජනපති ගෝඨාභය CID යෙන් පිටව යයි
ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි, වාර්තා වුණේ.
කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇත.