ගෝඨාභය රාජපක්ෂ CIDයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දුන් දැනුම්දීමක් මත මෙසේ පැමිණ ඇත.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව පැවසේ.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇත.