අද සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වන ලකුණු

අද සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වන ලකුණු

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම සහ රියදුරන්ගේ හිඟය හේතුවෙන් අද (17) පස්වරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, හෙට (18) සහ අනිද්දා (19) දිනවල දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ හේතුවෙන් අද උදෑසන ද කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබුණි.

කෙසේවෙතත්, කළින් ආසන වෙන් කළ දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමගින් බාධාවක් මතු නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම විභාගය එළඹෙන 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතය.