![මනුෂගේ සහෝදරයා ඇප මත මුදා හැරේ මනුෂගේ සහෝදරයා ඇප මත මුදා හැරේ](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/12/thisara-d.jpg?quality=100&f=auto)
මනුෂගේ සහෝදරයා ඇප මත මුදා හැරේ
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර ට ඇප ලබා දී තිබෙනවා.
ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.
එමෙන්ම අධිකරණය විසින් ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර බිබිල ප්‍රදේශයේ සිටිය දී ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.